දේශීය

කොළඹට අද ජල කප්පාදුවක්

(UTV |කොළඹ ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ‍(27) රාත්යේ‍රියේ සිට ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද රාත්‍රී 10.00 සිට හෙට පස්වරු 04.00 දක්වා පැය 18ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලට එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 01, 11 සහ 12 යන ප්‍රදේශවලට ද අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇත.

අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

Related posts

ඖෂධ ආසාත්මිකතා කමිටු වාර්තාවෙන් රෝගී මරණ 02ක් ගැන පැහැදිලි කරයි

Mohamed Dilsad

බොරතෙල් මිල පහළට

Mohamed Dilsad

මේ දක්වා හමුවූ කොරෝනා ආසාදිතයන් අතර නාවික සෙබලුන් 226 ක්

Mohamed Dilsad

Leave a Comment