(UTV | කොළඹ ) – අරාබි ජාතික නාවියන් 51 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.
අද (28) අළුයම 06.15ට පමණ ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ඩුබායිහි සිට එම පිරිස කටුනායකගුවන්තොටුපල පරිශ්රයට පැමිණ තිබේ.
ඇවන්ගාඩ් නැව් සමාගමට අයත් නැවක සේවය කිරීම සඳහා එම නාවිකයින් පිරිස මෙරටට පැමිණ ඇති බව සඳහන් වේ.
ගුවන්තොටුපල වෙත පැමිණි එම නාවිකයින් පිරිස පී.සී.ආර් පරික්ෂණ සඳහා භාජනය කිරීමෙන් පසු එහි ප්රතිඵල ලැබෙන තෙක්ගුවන්තොටුපල අවට හෝටල් කිහිපයක තාවකාලිකව නවාතැන් ගැනීමට නියමිතය.