දේශීය

නාකොටික් එස්.අයි ගේ නිවස සෝදිසි කරයි

(UTV | කොළඹ ) – හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා මත මෙම හිටපු උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්සිව් දෙනෙකු ඊයේ (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ.

හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ හිටපු උප පොලිස් පරීක්ෂකවරයාගේනිවසේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් හා දේපල තොගයක් පොලිසිය මගින් සොයාගෙන තිබේ.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේතිබී එම දේපල සොයාගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේය.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සදහා යොදාගත් මෝටර් රථයක්, යතුරුපැදියක්, රුපියල් නව ලක්ෂ 40,000 මුදලක්, පිහියක්, ක්‍රෙඩිට්කාඩ්පත් 4 ක්, ජී.පී.එස්. උපකරණයක්, සැටලයිට් දුරකතනයක් සහ සිම්පතක් සමග ජංගම දුරකතනයක් පොලිසිය විසින්සොයාගෙන තිබේ.

Related posts

දේශබන්දුගේ හැසිරීම ගැන නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක්

Editor O

විදුලිබල මණ්ඩල සේවකයන්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම යෑමට අවස්ථාව

Editor O

බයිඩන් ක්‍රියාකලාපය ගැන ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ දැඩි ලෙස කලබල‌ වෙති.

Editor O

Leave a Comment