ක්‍රීඩා

අරවින්ද ද සිල්වා හෙට කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය හමුවට

(UTV |කොළඹ ) – හිටපු කි‍්‍රකට් ක‍්‍රීඩක සහ හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා හෙට(30) කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය හමුවේ ප්‍රකාශයක් ලබා දීමට නියමිතය.

ඒ 2011 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දී ශ‍්‍රී ලංකාව අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ඉකුත් සිදු කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙනි.

ඒ අනුව අරවින්ද ද සිල්වා හෙට පස්වරු 02.30 ට ප‍්‍රකාශයක් ලබාදීමට කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයට කැඳවා ඇති බව එම ඒකකයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා පවසයි.

2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සමයේදී ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ අරවින්ද ද සිල්වායි.

හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දනන්ද අලූත්ගමගේ ඉකුත් දා ප‍්‍රකාශ කර තිබුණේ අවසන් මහා තරගයේදී කී‍්‍රඩකයින් සිව්දෙනෙකු සිය අනුමැතියකින් තොරව කණ්ඩායමට ඇතුළත් කර තිබූ බවයි. ඊට අදාලව අරවින්ද ද සිල්වාගෙන් මෙලෙස ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය ඉකුත් දා ශ‍්‍රි ලංකා කි‍්‍රකට් ආයතනයට ගොස් මෙම පරීක්ෂණවලට අදාළ ලිපි ගොනුද ලබා ගත්තේය.

Related posts

නතරවු මෙරට ක්‍රීඩා කටයුතු ලබන මස සිට යළි ඇරඹීමට පියවර

Mohamed Dilsad

නවසීලන්ත කාන්තා පිල ලකුණු 171ක් ලබා ජයගනී

Mohamed Dilsad

අශ්වින් IPL හැර යයි

Mohamed Dilsad

Leave a Comment