ගොසිප්

වත්මන් දේශපාලනයේ සිටින නායකයන් විශ්‍රාම යා යුතුයි – චන්ද්‍රිකා

(UTV| කොළඹ) – වත්මන් දේශපාලනයේ සිටින නායකයන් සියලුදෙනා විශ්‍රාම ගොස් නවකයන්ට ඒ තනතුරු වලට පැමිණීමට ඉඩ ප්‍රස්තාව ලබාදෙන්නේ නම් මේ රට හදන්නට හැකිවනු ඇති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

ඇය මේ බව සඳහන්කර සිටියේ සිය 75 වන උපන්දින සමරුව වෙනුවෙන් හොරොව්පොතාන ප්‍රදේශයේ අමුණක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවකට එක්වෙමින්.

හිටපු ජනාධිපතිනිය එහිදී පළකල වැඩිදුර අදහස් ,

“මාව බලෙන් ඇදලා ගෙනාවා දේශපාලනයට, හැබැයි ඒ අවුරුදු 5 තුළ මට තේරුණා අද මේ රටේ ඉන්න දේශපාලකයෝ යැයි කියාගන්න පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාගෙන් අති බහුතරයකට මේ රට නම් හදන්න බෑ. ඒ එක්කෙනෙකුටවත් බෑ. තමා හැදිලා හොරකම් කරන්න තමයි වැඩිදෙනෙක් අද පාර්ලිමේන්තුවට ගිහින් තියෙන්නෙ.

ඉතිං මේවගේ අය සමඟ දේශපාලනය කරන්න මං කැමති නෑ. මට පෙරේතකමක් නෑ. ජනාධිපති ධුරයෙන් ගෙදර ගියායින් පස්සෙ ආයෙ ආයෙ ජනාධිපති වෙන්න ආයෙ ආයෙ අගමැති වෙන්න. මේ සර්වබලධාරී ජනාධිපති වෙලා ඉඳලා – සමාවෙන්න වචනෙට – පීචං වෙච්චි මන්ත්‍රී කෙනෙක් හැටියට පාර්ලිමේන්තු යන්න මට වුවමනාවකුත් නෑ.

ඔය කවුරු කවුරුත් ඉන්න නායකයෝ කියන අය ගෙවල් වලට ගිහිල්ලා, විශ්‍රාම අරගෙන – මේ කොර ගහ ගහා ඇවිදගන්නත් බැරුව අසනීප තත්ව තියාගෙන මේවා කරනවට වැඩිය – අලුත් අයට එන්න ඉඩ ප්‍රස්තාව ලබා දුන්නොත් මේ රට හදන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා” යනුවෙන් ඇය එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළාය.

Related posts

හබරණට ආ හැකරැල්ලන් ආක්‍රමණය

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් ගින්න නිවන්න රජය වැය කළ මුදල අහිමිවීමේ අවධානමක්

Mohamed Dilsad

දෝනිගේ උපන්දිනය සැමරූ යාපනයේ තරුණ පිරිස [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment