දේශීය

මැලේසියාවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – අද (30) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 150 දෙනෙකු රැගෙන දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 319 දරන විශේෂ ගුවන් යානයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරින් පිටත්ව ආ මෙම පිරිස රැගත් ගුවන් යානය අද දින පෙරවරු 8.52 ට කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇත.

මෙම ගුවන් මගීන් අතර එරට රැකියා සඳහා ගොස් සිටි පිරිසක් සහ මැලේසියාවේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටි සිසුන් සිටින බව වාර්තා වේ.

මෙම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා ලක් කර ඇත.

Related posts

අමාත්‍ය මහින්ද අමරවීර සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත්ට සහාය දෙයිද…?

Editor O

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකුට පත්වීම් [RELEASE]

Mohamed Dilsad

රිය අනතුරකින් දරුවෙකු ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment