දේශීය

රාජ්‍ය සහ පුද්ගලික අංශ කාර්යාල වේලාවන් සංශෝධනය කිරීමට නිර්දේශ

(UTV| කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රාජකාරි වේලාවන් සංශෝධනය කිරීමට අදාළ යෝජනා, ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කල කමිටුව විසින් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය වෙත යොමුකර ඇත.

අද (30) පැවති මාධ්‍ය හමුවකදී විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ අදාළ යෝජනා සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව , රාජ්‍ය අංශයේ රාජකාරි වේලාව පෙරවරු 9.00 ට ආරම්භ වී පස්වරු 4.45 ට අවසන් කරන ලෙස අදාළ යෝජනාවල දැක්වෙයි.

මීට අමතරව පෞද්ගලික අංශයේ රාජකාරි වේලාව පෙරවරු 9.45 සිට 6.45 දක්වා ක්‍රියාත්මක කරන ලෙසට ද අදාළ කමිටුව යෝජනා කර ඇත.

Related posts

තවත් කොවිඩ් ආසාදිත මරණ 4ක්

Mohamed Dilsad

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට පියවර ?

Editor O

මෙවර වෙසක් උත්සවයට සිරකරුවන් පිරිසකට නිදහස

Mohamed Dilsad

Leave a Comment