දේශීය

ඔසුසැලකින් කප්පම් ඉල්ලූ තිදෙනෙක් පොලිස් දැලේ

(UTV | මීගමුව) – දුරකථන ඇමතුම් ලබාදී ඔසුසැලකින් රුපියල් 25,000 ක කප්පම් ඉල්ලූ සැකකරුවන් තිදෙනෙකු මීගමුව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල කප්පම් මුදල ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර , සැකකරුවන් කදිරාන හා මීගමුව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 31 – 32 හා 42 යන වියේ පසුවන්නන් බව පොලිසිය පවසයි.

සැකකරුවන් සන්තකයේ තිබූ විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්ද සොයාගෙන තිබේ.

සැකකරුවන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

මහමැතිවරණයට ප්‍රචාරක සීමා පැනවේ

Mohamed Dilsad

මුං ඇට සඳහා සහතික මිලක්

Editor O

කන්ටේනරයකට යටවී කුඩා දැරියක් සහ ඇගේ පියා මරුට

Mohamed Dilsad

Leave a Comment