දේශීය

ඊ – ඉඩම් ලියාපදිංචිය කඩිනම් කිරීමට ජනපති උපදෙස්

(UTV | කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉඩම් වංචා වැළැක්වීමට ඊ – ඉඩම් ලියාපදිංචිය කඩිනම් කරන්නැයි උපදෙස් ලබා දී තිබේ.

ඒ ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීයි.

ඉඩම් ලියාපදිංචියේදී සිදුවන වංචා නතර කිරීමට සහ ලියාපදිංචිය ක්‍රමවේදය වේගවත් කිරීමට ඊ ඉඩම් ලියාපදිංචිය කඩිනම් කරන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන් උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව එම කටයුත්ත වේගවත් කිරීමේ අවශ්‍යතාව එහිදී ජනාධිපතිතුමා පෙන්වා දී තිබේ.

ඒ සදහා වන ජීවී , වන සංරක්ෂණ සහ පරිසර අමාත්‍යංශද ඒකාබද්ධව කමිටුවක් පත්කර වැඩසටහන කඩිනම් කරන්නැයි ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය සමග එක්ව අගෝස්තු මාසය වන විට වැඩසටහන ජනගත කිරීමට අපේක්ෂිතයි.

මෙලෙස ඊ ඉඩම් ක්‍රමය යටතේ ලියාපදිංචි කරන ඉඩම් වෙනුවෙන් ඉලෙක්ටොනික පාස් පොතක් නිකුත් කිරීමටද සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේය.

Related posts

කම්කරු දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

ස්ටාර්ලින්ක් ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට ඊලොන් මස්ක් වැඩි කැමැත්තක් නැති හැඩ..?

Editor O

කොරෝනා ආසාදිතයන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment