දේශීය

හෝමාගම ප්‍රදේශයෙන් අත්බෝම්බ ඇතුළු තවත් ආයුධ තොගයක් හමුවේ

(UTV| කොළඹ) – හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ තිබී අත්බෝම්බ 04 ක් පිස්තෝලයක් සහ තවත් ආයුධ කිහිපයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

අතුරුගිරිය ප්‍රදේශයෙන් සොයාගත් ටී 56 වර්ගයේ ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලද තොරතුරුවලට අනුව මෙම ආයුධ තොගය සොයාගෙන ඇත.

ඊයේ (01) රාත්‍රියේ සිදුකළ මෙහෙයුමකදී හෝමාගම – පිටිපන ප්‍රදේශයේ වෙළඳසැලක සඟවා තිබියදී අතුරුදන් වූ බවට සැක කෙරෙන ටී 56 වර්ගයේ ගිනි අවියක් අතුරුගිරිය ප්‍රදේශයේදී පොලිසිය විසින් සොයාගනු ලැබීය.

මීට පෙර අදාළ වෙළඳසැලේ තිබී ටී 56 ගිනි අවි 11 ක් ඇතුළු තවත් ගිනි අවි 12 ක් පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගනු ලැබීය.

කෙසේ වෙතත් පසුව අනාවරණ වී තිබුණේ එහි තිබූ තවත් ගිනි අවි 7 ක් අතුරුදන්වී ඇති බවයි.

Related posts

රියාජ් බදියුදීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Mohamed Dilsad

කෘෂිකාර්මික කටයුතු වලට දුන් අවසරය තවදුරටත් ලිහිල් කරයි

Mohamed Dilsad

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වෙති

Mohamed Dilsad

Leave a Comment