දේශීයප්‍රමුඛ පුවත 1

දේශීය කලාකරුවන් රැක ගැනීමට ජනපතිගේ සහය

(UTV | කොළඹ ) – කලාකරුවා දේශීය ආර්ථිකයට බද්ධ කොට රැකගැනීමට සහය වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමකට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

ඊයේ (01) පස්වරුවේ කලාකරුවන් මුහුණ පා සිටින ගැටලු පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විය.

CIVID-19 මර්දනය කර ලෝකය විවෘත වනතෙක් නොසිට කලාකරුවා දේශීය ආර්ථිකයට බද්ධ කොට රැකගැනීමට සහය වන බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේය.

එමෙන්ම දේශීයව හා විදේශීයව නිර්මාණකරැවන්ට හිමි කර්තෘ භාගය නොලැබීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර ඇති අතර මේ පිළිබඳව රාජ්‍ය මට්ටමින් ක්‍රියා කර නිර්මාණකරුවන්ගේ අයිතිය රැක ගැනීමට සහය වන බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

රජය විසින් කලාකරුවන්ට සහන පොලී ණය මුදලක් ලබා දීමට තීරණය රාජ්‍ය බැංකු මගින් ක්‍රියාත්මක නොවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

Related posts

ජීවිත අහිමි කළ මාරක අනතුරු

Mohamed Dilsad

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වෙනිදා.

Editor O

මානව අවශ්‍යතා සමග පරිසරය සමබර කර ගැනීමේ වැදගත්කම මනාව වටහාගෙන සිටිනවා

Mohamed Dilsad

Leave a Comment