(UTV |කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය අද (03)අනුරාධපුරයෙන් ආරම්භ කෙරේ.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.
ඒ අනුව මහ මැතිවරණයට තරඟ කරන පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සඳහා ජනාධිපතිවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනහමු කිහිපයකට අද දිනයේ සහභාගිවීමට නියමිතය.
පෙරවරු 10 ට තලාව තම්මැන්නාව නිදහස් උයනේ පළමු ජනහමුව ආරම්භවීමට නියමිතව බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.