දේශීය

නයිජීරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම

(UTV | කොළඹ) – නයිජීරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (03) මරණ දඬුවම නියම කරනු ලැබීය. 

ඒ , කොකේන් ග්‍රෑම් 774 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව අධිචෝදනා එල්ලවීම හේතුවෙන්.

කොකේන් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමට අදාළව චෝදනා 2 ට ඔහු වරදකරු බව නිගමනය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා ඔහුට මරණ දඬුවම නියම කළේය.

2016 වසරේ ඔක්තෝබර් 04 වන දින රත්මලාන ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම නයිජීරියානු ජාතික ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

ශ්‍රී ලංකාවට ණය මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් IMF නිල නිවේදනය හෙට

Mohamed Dilsad

පුවත්පත් කර්මාන්ත ශාලාවක හටගත් ගින්න මැඩලයි

Mohamed Dilsad

හැඳුනුම්පත් කාර්යාලය තාවකාලිකව වැසේ

Mohamed Dilsad

Leave a Comment