දේශීයව්‍යාපාරික

ප්‍රමිතියෙන් තොර දඟර කම්බි සොයා වැටලීම් අරඹයි

(UTV | කොළඹ) – ප්‍රමිතියෙන් තොර දඟර කම්බි සොයා වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලද පැමිණිලි මත අදාල වැටලීම් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සෑම වානේ නිෂ්පාදනාගාරයකින්ම ලබාගත් සාම්පල පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

ප්‍රමිතියට අනුකූල නොවන ආකාරයෙන් දගර වානේ නිෂ්පාදනය කරන්නන් සහ අලෙවි කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

Related posts

අඛණ්ඩ විදුලි උත්පාදනයට තවත් බාධාවක්

Mohamed Dilsad

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර අද ජනතා අයිතියට

Mohamed Dilsad

පුංචි ඡන්දය පැවැත්වෙන දිනය ගැන මැ. කොමිසමේන් සහතිකයක්

Mohamed Dilsad

Leave a Comment