දේශීය

තුන් මසකට පසු විහාරස්ථානවල සීල සමාදාන වැඩසටහන්

(UTV | කොළඹ) – මාස 3 කට අධික කාලයකට පසුව පුර පසළොස්වක පොහොය දිනයේ වෙහෙර විහාරස්ථානවලට පැමිණ පෙහෙවස් සමාදන් වීම ඇතුළු ආගමික කටයුතුවල නිරත වීමේ අවස්ථාව මෙරට බෞද්ධ ජනතාවට අද උතුම් ඇසළ පෝදා අවස්ථාව උදාවිය.

කෙසේවෙතත් පසුගිය මස 12 වනදා සිට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට හා සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් ආගමික ස්ථානවල සිදු කෙරෙන කටයුතු සඳහා අවස්ථාව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබාදුන්නේය.

ඒ අනුව අදට යෙදී ඇති ඇසළ පුන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවලට පැමිණි බෞද්ධ බැතිමතුන් පෙහෙවස් සමාදන් වීම ඇතුළු ආගමික කටයුතුවල නිරත විය.

Related posts

ගුරු සංගම්වලින් රජයට රතු එළියක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා නාවික හමුදාවට අදට වසර 70 සපිරෙයි

Mohamed Dilsad

භාණ්ඩ ආනයනය කිරීම සීමා කෙරේ

Mohamed Dilsad

Leave a Comment