දේශීය

බස් රථ මගීන්ගේ පහසුවට අලුත් ඇප් එකක්

(UTV | කොළඹ) – බස් රථ පිළිබඳ තොරතුරු ඇතුළත් mybuslk නමින් ජංගම දුරකථන යෙදවුමක් ජාතික ගමනාගමන කොමිසම මගින් දියත් කිරීමට නියමිතව තිබේ.

මෙම ජංගම දුරකථන යෙදවුම දියත් කිරීම හෙට (07) කොළඹ දී සිදුකෙරෙනු ඇත.

එම යෙදවුම ජාතික ගමනාගමන කොමිසමේ කළමනාකරණ සහකාරවරයෙක් ලෙස කටයුතු කරන නුවන් සෙනෙවිරත්න මහතා විසින් සිය මුදල් වැයකර නිර්මාණය කර ඇත.

මෙම ජංගම දුරකථන යෙදවුම භාවිතයෙන් බස් රථයක ගමන් ආරම්භය හා ගමනාන්තයට ළඟා වීමට නියමිත වේලාව, සහ මගීන් බස් රථයට ගොඩ වෙන ස්ථානයේ සිට ගමනාන්තය දක්වා නියමිත බස් ගාස්තුව දැනගත හැකිය.

මීට අමතරව තමන් ගමන් ගත යුතු බස් රථය ඒ් මොහොතේ පවතින ස්ථානය, අන්තර්ජාලය හරහා මගී පැමිණිළි ඉදිරිපත් කිරීමට ඇති පහසුව, සහ ප්‍රවේශපත්‍ර වලට ගෙවීම් කටයුතු කාඩ් පතක් මගින් ගෙවීමට ඇති පහසුකම් සැළසීම ආදි සියලු පහසුකම් මෙහි ඇතුළත් වෙයි.

Related posts

කොළඹ බස් ප්‍රමුඛතා මංතීරු නීති 2 වන අධියර ක්‍රියාත්මකයි

Mohamed Dilsad

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ

Mohamed Dilsad

රුපියල් කෝටි දහසකට අධික මුදලක් වංචා කළ කාන්තාවක් සහ පුරුෂයෙක් කටුනායකදී අත්අඩංගුවට

Editor O

Leave a Comment