දේශීය

ඉන්දුනිසියාවෙන් දුම්රිය මැඳිරි 70 ක් හා බහාලුම් ප්‍රවාහණය සඳහා තට්ටු 20 ක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා දුම්රිය සේවාව සඳහා නව මගී ප්‍රවාහන දුම්රිය මැඳිරි 70ක් හා භාණ්ඩ ප්‍රවාහණය සඳහා යොදා ගන්නා බහාලුම් තැම්පත් කිරීමට අවශ්‍ය තට්ටු Flat Beds 20ක් මිල දී ගැනීමට අවශ්‍ය මුල්‍ය සහයෝගිතාවය හා එම උපකරණ ලබා දීමට ඉන්දුනිසියානු රජය විසින් තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දුනිසියානු තානාපති I.gustiNgurahArdiasa මහතා පවසයි.

ඉන්දුනිසියානු තානාපතිවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවැති සාකච්ඡාවක දීය.

මෙම සාකච්ඡාව ඛනිජතෙල් අමාත්‍යංශයේ අමාත්‍ය නිල කාර්යාලයේ දී පැවැත්විනි. මෙම දුම්රිය මැඳිරි හා තට්ටු නිපදවීම සිදු කරනු ලබන්නේ ඉන්දුනිසියානු රජයට අයත් සමාගමක් වන M/s, PT Industry KerataApi සමාගම විසිනි.

ඉන්දුනිසියාවේ නිෂ්පාදිත දුම්රිය මැඳිරි හා තට්ටු මෙතෙක් ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට ආනයනය කර ඇත්දැයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගෙන් විමසූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එරට නිපදවන මැඳිරිවල ගුණාත්මකභාවය පිළිබඳ වාර්තාවක් ලබා ගන්නැයි ද උපදෙස් දුන්නේය.

විශේෂයෙන් මාර්ග තදබදය අවම කරලීම සම්බන්ධව වත්මන් ජනාධිපතිතුමා තදින්ම අවධානය යොමු කර ඇතැයි කී අමාත්‍යවරයා දිවයිනේ දුරබැහැර ප්‍රදේශවල සිට එළවළු , සහල් පලතුරු වැනි භාණ්ඩ කොළඹට ප්‍රවාහණය කිරීමේ දී දුම්රිය මගින් ප්‍රවාහනය කිරීම මගින් ලොරි විශාල ප්‍රමාණයක් කොළඹට ඇතුල්වීම වළක්වා ගත හැකි බව ද පෙනී ගොස් ඇතැයි කීය. එමෙන්ම දුම්රිය මගින් මගින් ප්‍රවාහණ සේවා සැපයීමේ දී බස් රථ 28ක ගමන් ගන්නා මගින් එක් දුම්රියකින් ප්‍රවාහණය කළ හැකි බවත් අවධාරණය කළේය.

එමනිසා භාණ්ඩ හා මගී ප්‍රවාහණයට හැකි තරම් දුම්රිය යොදා ගැනීම මගින් ආර්ථිකමය වශයෙන් ඉතාමත් ඵලදායක බවත්, ඒ් සඳහා රජය වශයෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේය.

Related posts

සුළඟේ වේගය ඉහළට – ධීවරයන්ට යළිත් අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙක ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මතයි

Editor O

13 වන සංශෝධනයේ ඇතැම් ක්‍රියා පටිපාටි ප්‍රායෝගික නොමැත – ජනපති

Mohamed Dilsad

Leave a Comment