(UTV | මහනුවර) – මහනුවර – පොල්ගොල්ල ජලාශයට පැන පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකු සියදිවි හානිකරගෙන තිබේ.
පිරිමි ළමයා 17 හැවිරිදි වියේ පසුවන අතර , ගැහැණු ළමයා 16 හැවිරිදි වියේ පසුවන බව වාර්තා වෙයි.
අද (07) අලුයම සිය නිවෙස්වලින් පැමිණි ඔවුන් පොල්ගොල්ල ජලාශයට පැන ඇත්තේ කටුගස්තොට – කහල්ල ප්රදේශයෙන්.
මොවුන් දෙදෙනා කටුගස්තොට – නවයාල ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර , සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
ගම්වාසීන්ගේ සහය ඇතිව ඔවුන්ගේ සිරුරු මේ වන විට ගොඩට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශණ ක්රියාත්මක වෙයි.