ප්‍රමුඛ පුවත 1

අග්‍රාමාත්‍යවරයා ස්විට්සර්ලන්තය බලා පිටත්වෙයි

(උදයම්,කොළඹ ) – ස්විට්සර්ලන්තයේ – ඩාවොස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගිවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද(16) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය .

අග්‍රාමාත්‍යවරයා ලබන 21 වනදා දක්වා එරට රැඳී සිටීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

ලෝක ආර්ථිකයේ නව ප්‍රවණතා ගැඹුරින් විමසා බැලෙන මෙවර ලෝක ආර්ථික සමුළුවට රටවල් 40 කට අධික සංඛ්‍යාවක රාජ්‍ය නායකයින් සහභාගිවීමට නියමිතය.

එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නායකයින් සහ මුල් පෙළේ ජාත්‍යන්තර ව්‍යවසායකයින් සමඟද සාකච්ඡා පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

පසුගිය වසරේ ස්විට්සර්ලන්තයේ පැවැත්වූ ලෝක ආර්ථික සමුළුවටද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහභාගි වුණි.

Related posts

කිලිනොච්චි ප්‍රදේශයේ මවක් සහ පුතෙක් ඝාතනයක්

Mohamed Dilsad

විදේශීය සංචාරකයින් 10 කට බඹර ප්‍රහාරයක්…

Mohamed Dilsad

2019 සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ….

Mohamed Dilsad

Leave a Comment