දේශීය

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ආරක්ෂාව තර කරයි

(UTV | කොළඹ) – මුහුදු සීමාව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක විශේෂ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බව නාවික හමුදාව පවසයි.

විදෙස් රටවල සිට මුහුදු මාර්ගයෙන් මෙලෙස දිවයින තුළට පුද්ගලයන් පැමිණෙන අතර , තවමත් ඉන්දියාවේ සිට කොවිඩ් ආසාදිතයින් මුහුදු මාර්ගයෙන් මෙරට උතුරු ප්‍රදේශයට පැමිණීමේ අවදානමක් පවතින බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

මීට පෙර අවස්ථාවල දී මෙම තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා නාවික හමුදාව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ අතර , එම ක්‍රියාවලිය තවදුරටත් ඉහළ දමමින් පවත්වාගෙන යන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුර සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

මේ පිළිබඳව ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Related posts

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කර, විස්තීරණ ණය පහසුකමට අදාළ කටයුතු ඉදිරියට ගෙන යනවා – ජනාධිපති අනුර

Editor O

බ්‍රසීලයේ ඇති වූ ප්‍රචණ්ඩත්වය ගැන තමා දැඩි කනස්සල්ලට පත්වෙනවා – ජනපති

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකුට මරණ තර්ජන කරලා – පැෆරල් සංවිධානය

Mohamed Dilsad

Leave a Comment