දේශීය

රුසියානු කාන්තාවට හිරිහැර කළ සැකකරුවන් රිමාන්ඩ්

(UTV| කොළඹ) – කොළඹ – ගාලුමුවදොර පිටියේදී රුසියානු ජාතික කාන්තාවකට හිරිහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 5 දෙනා අද (07) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුලි 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කරනු ලැබීය.

පසුගිය ඉරිදා පස්වරුවේ එම විදේශීය කාන්තාව, මිතුරන් තුන් දෙනෙකු සමඟ ගාලුමුවදොරපිටියේ ඇවිද ගිය අවස්ථාවේ දස දෙනෙකුගෙන් පමණ සමන්විත තරුණයන් කණ්ඩායමක් ඔවුන් අසළට පැමිණ පරුෂ වචනයෙන් ආමන්ත්‍රණය කර හිරිහැරයට පත්කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදාළ රුසියානු කාන්තාව පොලීසියට පැමිණිලි කර ඇති අතර, විනාඩි 20 ක් ඇතුළත එහි පැමිණි පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

කොළඹ කොටුව පොලීසිය මගින් ඊයේ අත්අඩංගුවට ගත් පිරිස අතර සිද්ධියේ ප්‍රධාන සැකකරු ද සිටින බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

Related posts

කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියන් එක් බන්ධනාගාරයක් තුළට

Mohamed Dilsad

පරිභෝජනයට නුසුදුසු බී ළූණු තොගයක් කොටහේනේදී අල්ලයි

Mohamed Dilsad

ශ්‍රීලනිපය පළාත් සභා මැතිවරණයට අයදුම්පත් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment