දේශීය

සෞදියේ සිට ගෙල සිද මරා දැමූ මළ සිරුරු 03 ක් කටුනායකට

(UTV | කොළඹ ) – සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී , ගෙල සිද මරා දැමූ මළ සිරුරු තුනක් ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.

මොවුන් කැළණිය , බියගම පාරේ , පංසල අසළ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර එකම පවුලේ සාමාජිකයන් තිදෙනකු බවට තොරතුරු ද වාර්තා වේ.

මෙම මළ සිරුරු සමග තිබූ ලිපි ලේඛන වලින් මෙම තිදෙනා දරුණු අයුරින් කපා කොටා , පසුව ගෙළ සිද මරා දමා ඇති බව බව වාර්තා වේ.

මෙසේ මරා දමා ඇති පවුලේ පියාගේ වයස අවුරුදු 59 කි.

මවගේ වයස අවුරුදු 55 ක් වන අතර , දියණිය වයස අවුරුදු 34 ක් වන බවට වාර්තා වේ.

ඔවුන්ගේ මළ සිරුරු අද (07) දින පෙරවරු 7.10 ට සෞදි අරාබියේ රියාද් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 266 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි.

Related posts

පාකිස්තාන මහ කොමසාරිස් හා අගමැති අතර හමුවක්

Mohamed Dilsad

සිසුවියකට වට්ස්ඇප් පණිවුඩ යැවූ නැටුම් සර් ගැන විමර්ශන

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයෙකු රෝහලෙන් පැන යයි [PHOTO]

Mohamed Dilsad

Leave a Comment