දේශීයප්‍රමුඛ පුවත 3

සුවය ලැබූ නාවිකයින් ගණන ඉහළට

(UTV | කෝවිඩ්-19) – නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 892ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් නාවික හමුදා සාමාජිකයින් සිව්දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව යෑමත් සමග ය.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කළ සමස්ත නාවික ආසාදිතයින් ගණන 905ක් වන අතර, මේ වන විට ප්‍රතිකාර ගනු ලබන්නේ ඉන් පුද්ගලයින් 13 දෙනෙක් පමණි.

සුවය ලබා පිටව ගිය සියලූම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

Related posts

අධිකරණ විනිශ්චයකාරවරු මාරු කිරීම ගැන විමර්ශනයට, විපක්ෂය තේරීම් කාරක සභාවක් ඉල්ලයි

Editor O

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමෙන් වන්දියක් ඉල්ලයි

Mohamed Dilsad

”පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයාමට, වත්මන් ආණ්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟවෙලා ද ? – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රශ්න කරයි

Editor O

Leave a Comment