දේශීය

කැළණිය සරසවියේ සිව්වන වසරේ අධ්‍යයන කටයුතු ලබන 13 වනදා සිට

(UTV | කොළඹ) – කැළණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යයන කටයුතු ලබන 13 වනදා ආරම්භ කෙරෙන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය නිවේදනය කරයි.

ඒ අනුව විද්‍යා, වාණිජ හා කළමනාකරණ අධ්‍යයන, පරිගණක හා තාක්ෂණ පීඨවල සිව්වන වසරේ සිසුන්ට අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙනු ඇත.

එම පීඨවල නේවාසිකව සිටින සියලුම සිසුන් ලබන 12 වනදා පෙරවරු 9 ත් පස්වරු 5 ත් අතර කාලය තුල නේවාසිකාගාර වෙතට වාර්තා කළ යුතු බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Related posts

තවත් ශ්‍රී ලාංකිකයින් 420 දෙනෙකු දිවයිනට

Mohamed Dilsad

අද දවසේ කාළගුණය මෙන්න

Mohamed Dilsad

සමගි ජනබලවේගය අපේක්ෂක අයදුම්පත් කැඳවීම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment