දේශීය

නම සහ ලකුණ කාර්යාලයේ ප්‍රදර්ශණයට අවසර ඉල්ලයි

(UTV| කොළඹ) – මැතිවරණ කාර්යාලවල අපේක්ෂකයන්ගේ ලකුණ හා අංකය ප්‍රදර්ශනය කිරීම සඳහා අවසර දෙන්නැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

මෙවර මහමැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී මැතිවරණ කාර්යාලවල අපේක්ෂකයන්ගේ ලකුණ හා අංකය ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීමෙන් අපේක්ෂකයන් ඡන්ද දායකයන් හා සන්නිවේදනයේ දී විශාල අර්බුදයකට පත්ව ඇති බැවින් මෙවැනි ඉල්ලීමක් කළැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පැවැසීය.

මුදල් බලය අවම හා ප්‍රචාරණ කටයුතු මහා පරිමාණයෙන් නොකරන අපේක්ෂකයන්ට සිය අනන්‍යතාව සන්නිවේදනයට ඇති පහසුම මග මැතිවරණ කාර්යාලයෙහි සිය ලකුණ හා අංකය ප්‍රදර්ශනය කිරීම යැයි ද නව නීතිමය තත්ත්වය නිසා බොහෝ අපේක්ෂකයන් ගැන ජනතාවට නිසි වැටහීමක් නැතැයි ද ගජනායක මහතා කීවේය.

ඒ අනුව දේශපාලන පක්ෂවලත් මහජනතාවගේත් අදහස් හා යෝජනා සැළකිල්ලට ගෙන මහමැතිවරණ ඉතිහාසයේ ගමන්මග හා අහිංසාවාදී ප්‍රචාරණ උපක්‍රමවලට අවස්ථාව දීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් දීර්ඝව කරුණු සහිතව මෙම ඉල්ලීම කළේ යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 

Related posts

SLFP මන්ත්‍රීවරුන් පිරිසකට විනය පියවර

Mohamed Dilsad

වන්දි ඉල්ලා රිෂාඩ්ගේ නිතිඥයින් නඩු මගට

Mohamed Dilsad

කංජිපානිගේ පියාට පහරදීමට සම්බන්ධව දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment