දේශීය

තද වැසි සමග අකුණු ඇතිවීම පිළිබඳ අනතුරු ඇඟවීමක්

(UTV | කොළඹ) – සබරගමුව, මධ්‍යම, සබරගමුව, උතුරු මැද, ඌව හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද (09)  මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි

නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල අකුණු අනතුරු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බවත් අනෙකුත් පළාත් සඳහා තරමක අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

අදත් පැය 2යි මිනිත්තු 20ක කාලයකට විදුලිය නැහැ

Mohamed Dilsad

දූෂණ-වංචා කළ අයට නීතිය ක්‍රියාත්මක කරනවා – විපක්ෂ නායක

Editor O

අද සිට දින තුනක විශේෂ පොලිස් මෙහෙයුමක්

Mohamed Dilsad

Leave a Comment