දේශීය

කරාපිටිය ශික්ෂණ රෝහලට Ultrasound Scanner යන්ත්‍රයක්[PHOTOS]

(UTV |ගාල්ල) – කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත Ultrasound Scanner යන්ත්‍රයක් පිරිනැමිමේ අවස්ථාවට අද(08) දකුණු පලාත් ආණ්ඩුකාරතුමන් සහභාගී විය.

මෙම යන්ත්‍රය රෝහල වෙත පිරිනමනු ලැබුයේ රුහුණු ළමා සංවර්ධන පදනමේ නිර්මාතෘ සහ වර්ථමාන සභාපති වන මොහාන් සමරසිංහ මහතා විසිනි.

රෝගියෙකු රෝහල වෙත පැමිණි පසු ඉතා ඉක්මනින් රෝගය හදුනා ගැනිමට මෙම යන්ත්‍රය භාවිතය තුලින් හැකියාව ලැබෙනු ඇත. මෙහි වටිනාකම රුපියල් ලක්ෂ 35ක් පමණ වේ.

මෙහිදි අදහස් දක්වමින් රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සම්පත් රණවීර මහතා ප්‍රකාශ කර සිටියේ ගරු ආණ්ඩුකාරතුමන් මනා සැලැස්මක් සහ සම්බන්ධීකරණයක් ඇතිව සියලු අංශ මනා ලෙස කළමනාකරණය කල නිසා දකුණු පළාත සාර්ථක ලෙස කොවිඩි 19වසංගතයට මුහුණ දුන් බවය.

මෙම යන්ත්‍රය රෝහල වෙත ප්‍රධානය කළ මොහාන් සමරසිංහ මහතාට ගරු ආණ්ඩුකාරතුමන් රජය වෙනුවෙන් විශේෂ ස්තුතියක් පිරිනමන ලදි. තවදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාරතුමන් ප්‍රකාශකර සිටියේ ජාතික රෝහල් පද්ධතියෙහි, කරාපිටිය රෝහල විශේෂ ලකුණක් බවත් පවුලක් ලෙස ක්‍රියා කරමින් මනුශ්‍ය හැගිම් සහ මනුශ්‍ය ක්‍රියාකාරකම් තේරුම් ගනිමින් කටයුතු කරන වෛද්‍යවරුන්ට සහ රෝහලේ කාර්යය මණ්ඩලයට තමා ස්තුතිවන්ත වන බවය.

මෙම අවස්ථාවට රුහුණු ළමා සංවර්ධන පදනමේ නිර්මාතෘ සහ සභාපතිතුමන් වන මොහාන් සමරසිංහ මහතා, රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් , හදිසි ප්‍රතිකාර ඒකකයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ගණක සේනාරත්න මහතා ඇතුළු හදිසි ප්‍රතිකාර ඒකකයෙහි වෛද්‍යවරුන් සහ හෙද කාර්යය මණ්ඩලය සහභාගී විය.

Related posts

නව රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ තත්වය ගැන අමෙරිකාව විමසිල්ලෙන්

Mohamed Dilsad

ඇමති නිමල්ට එරෙහිව පරීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment