දේශීය

කන්දකාඩු මධ්‍යස්ථානයෙන් මතුවූ පොකුර නිසා සමාජය අවධානමේ

(UTV |කොළඹ) – කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් නව කොරෝනා රෝගී පොකුර මතු වීම හේතුවෙන් සමාජයට වෛරසය ව්‍යාප්තවීමේ අවධානමක් පවතින බවද වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

මෙහි අවධානම පවතින්නේ පුනරුත්ථාපනය වෙමින් සිටින පුද්ගලයින්ගේ දෙමව්පියන් සහ ඥාතීන් රැසක් සුවදුක් බැලීමට එම මධ්‍යස්ථානය වෙත පැමිණ ගොස් ඇති බවයි. ඔවුන්ව හරහා ඇතැම් විට මෙම රෝගය සමාජයට පැතිරීමේ අවධානමක් මතුවිය හැකි බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේය.

යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයට පැමිණි පවුලේ ඥාතීන් කවුරුන්ද යන්න පිළිබද මේ වනවිට හදුනා ගෙන ඇති බවයි.

කන්දකාඩු මත්ද්‍රව්‍ය නිරෝධායන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් 56 දෙනෙකු ඊයේ (09) වාර්තා වු අතර අද දිනයේ තවත් 196 දෙනෙකු හඳුනා ගැණුනි.

පසුගියදා වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා වීමෙන් පසුව ඔහු කන්දකාඩු මත්ද්‍රව්‍ය නිරෝධායන මධ්‍යස්ථානයට පුනරුත්ථාපනය සඳහා යොමු කර සිටියේය.

ඒ අනුව එහි සිටින පුද්ගලයින් සහ සේවකයින්ගෙන් සිදුකළ PCR පරීක්ෂණ මගින් මෙම ආසාදිතයින් 57 දෙනා වාර්තා වුණා. එය ඉදිරියේදී තවත් වැඩිවෙනු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

කන්දකාඩු මත්ද්‍රව්‍ය නිරෝධායන මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටි උපදේශිකාවකටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණි.

වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ ඇය පොදු ප‍්‍රවාහන සේවා භාවිතා කර ඇති බවයි. එම උපදේශිකාව නිවසට පැමිණීමෙන් පසුව ඇයට තිබු අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ද ගොස් ප‍්‍රතිකාර ලබා ගෙන ඇති බවද වාර්තා වේ. අසල්වැසි නිවසකට හා ඇඳුම් මසන ස්ථානයකට ගොස් ඇති බව ද කරුණු අනාවරණය විය.

යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ ඇය අසුරු කළ පුද්ගලයින් කවුරුන්ද යන්න පිළිබඳවද හදුනා ගෙන ඇති බවයි.

 

Related posts

19 ලක්ෂයකට එන්නත් දී අවසන්

Mohamed Dilsad

නව පනතෙන් බැංකු තැන්පත් වෙනුවෙන් රක්ෂණයක්

Mohamed Dilsad

මැතිවරණ වියදම් වාර්තා බාරදීමට අපේක්ෂකයන්ට දින 21ක් : බාර නොදෙන අයට නඩු

Editor O

Leave a Comment