ක්‍රීඩා

චීනයේ පැවැත්වීමට තිබූ සියළු ජාත්‍යන්තර ක්‍රීඩා අත්හිටුවයි

(UTV | චීනය) –  චීනයේ පැවැත්වීමට නියමිත තිබූ සියළු ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් අත්හිටුවීමට චීන බලධාරීන් තීරණය කර ඇත.  

කොරෝනා වසංගත අවදානම හමුවේ ඔවුන් මෙම තීරණය ගෙන ඇති අතර , මෙම වසර තුළදී එවැනි තරඟමාලා කිසිවක් නොපවත්වන බව ද චීන බලධාරින් පවසයි.

2022 වසරට නියමිත ශීත සෘතු ඔලිම්පික් උළෙලේ පෙරහුරු තරඟද මේ අනුව අවලංගු කිරීමට චීනය තීරණය කර තිබේ.

මීට අමතරව , ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ද අවලංගු කර ඇත.

මෙවර තරගාවලිය ප්‍රථමයෙන් පැවැත්වීමට නියමිත වූයේ පකිස්ථානයේදීයි.

Related posts

ඉම්සමාම් උල් හක්ට හදිසි හෘදයාබාධයක්

Mohamed Dilsad

බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟයේ අවසන් දිනය අද

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ඉල්ලා අස්වෙයි.

Editor O

Leave a Comment