ප්‍රමුඛ පුවත 1

උඩරට දුම්රිය මාර්ගයට රේල් බස් සේවාවක්

(උදයම්,කොළඹ ) – මෙරට දුම්රිය වංශකතාවේ නව පරිච්ඡ්දයක් සනිටුහන් කරමින් උඩරට මාර්ගය සඳහා රේල් බසයක් හඳුන්වා දී තිබේ.

ගම්පොළ සිට පේරාදෙණිය දක්වා ධාවනය වන මෙම රේල් බසය නගරාන්තර ප‍්‍රවාහන තදබදයට විසඳුමක් බව ප‍්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

ගම්පොළ දුම්රිය ස්ථානයේදී මෙලෙස ගම්පොළ පේරාදෙණිය රේල් බස් සේවාව ඊයේ(14) ආරම්භ කෙරුණේ ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

ගම්පොළ දුම්රිය මාර්ගය වසර 146 ක් පැරැුණි වන අතර නව රේල් බස් සේවාව සමගින් ප‍්‍රදේශයේ මාර්ග තදබදයට විසඳුම් ලැබෙන බවට දුම්රිය දෙපාර්තමේන්තුව විශ්වාසය පළකරයි.

කාර්යාල වේලාවන්හිදී පවතින තදබදයට රේල් බස් සේවාව මගින් විසඳුම් සොයාගත හැකි බව කැලණි වැලි දුම්රිය මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක දැනට ක‍්‍රියාත්මක රේල් බස් සේවාව මගින් තහවුරු වී ඇත.

ඒ අනුව ඉදිරියේදී තවත් නගර අතර මෙම සේවාව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ.

 

Related posts

ඇමතිනිය අබුඩාබි සුරක්ෂාගාරයේ රැදවියන්ගේ සුවදුක් විමසයි

Mohamed Dilsad

රාජ්‍ය මාධ්‍ය ආයතන ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීමට කමීටුවක්..

Mohamed Dilsad

විපතටපත් මෙරට ජනතාවට මුදල් පරිත්‍යාග කිරීමට විදෙස් ගත ඔබටත් හැකියාව

Mohamed Dilsad

Leave a Comment