විදෙස්

බොලීවියානු ජනාධිපතිනියටත් කොරෝනා

(UTV | බොලීවියාව) –  බොලීවියානු අන්තර්වාර ජනාධිපතිනි ජෙනින් ආසෙස් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.   

සිය ට්විටර් ගිණුම ඔස්සේ විඩියෝ පටයක් මුදාහරිමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ වෛරස පරික්ෂාවක දී තමා කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වී ඇති බවය.

මේ හේතුවෙන් තමන් සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව ස්වයං නිරෝධායනයට ලක්ව ප්‍රතිකාර ලබන බව ජනාධිපතිනිය ප්‍රකාශ කර ඇත.

මේ අතර අද වන විට ලොව පුරා රටවල්වලින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි විසි තුන් ලක්ෂයකට අධික වේ.

Related posts

කිම්ජොං අන්ට ඇමෙරිකාවට ආරාධනාවක්?

Mohamed Dilsad

ඉම්රාන් ඛාන්ට ඉන්දියාවෙන් ආරාධනයක්

Mohamed Dilsad

සුප්‍රකට ගායක එස්.පි. බාලසූබ්‍රමනියම් අසාධ්‍ය තත්වයේ

Mohamed Dilsad

Leave a Comment