දේශීය

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – බස්නාහිර පළාත තුල සිදුකළ විශේෂ මෙහෙයුමකින් තවත් සැකකරුවන් 316 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (10) අලුයම 6 සිට අද (11) අලුයම 5 දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

සැකකරුවන් වැඩිම පිරිසක් එනම් 142 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ලග තබා ගැනීමේ චෝදනාවට අදාලවයි.

ගංජා ලග තබාගත් 64 ක් , නීති විරෝධි මත්පැන් සම්බන්ධ චෝදනා යටතේ සැකකරුවන් 84 ක් ද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.

ගෝඩා හා අයිස් ලග තබා ගත් සැකකරුවන් 17 ක්ද , වෙනත් වැටලීම් වලින් සැකකරුවන් 09 දෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය නිවේදනය කළේය.

Related posts

ඔටෝ ඩීසල් මිල රුපියල් 10 කින් අඩුකෙරේ

Mohamed Dilsad

ජින්තුපිටියේ ආසාදිතයා ඇසුරුකල 143 දෙනෙක් නිරෝධායනයට

Mohamed Dilsad

මුළු දිවයිනටම ත්‍රිවිධ හමුදාව කැඳවීම දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment