විදෙස්

දකුණු අප්‍රිකාවේ මත්පැන් අලෙවිසැල් යළිත් වැසෙයි

(UTV | කොවිඩ් 19) –  මේ වන විට කොරෝනා දෙවන රැල්ලේ ආරම්භයත් සමඟ දකුණු අප්‍රිකාවේ මත්පැන් අලෙවිසැල් යළිත් වසා දැමීමට එරට රජය තීරණය කර ඇත.

මීට අමතරව රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැනවීමටත් මුඛ ආවරණ අනිවාර්ය කිරීමටත් බලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු අප්‍රිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 4,079ක් ලෙස දැක්වෙන අතර, ආසාදිත සංඛ්‍යාව සටහන් වූයේ දෙලක්ෂ 76,242ක් ලෙසයි.

පැය 24 ක් තුළ ලොව පුරා වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (12) දිනයේදී සටහන් වූ අතර එය දැක්වූයේ 230,370 ක් ලෙසයි.

ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයන් ගණන වාර්තාවූයේ ඇමෙරිකාවෙන්.

Related posts

සාගින්නෙන් පෙලෙන සිම්බාබ්වේ වැසියන් දිනෙන් දින ඉහළට

Mohamed Dilsad

නිවෙස්වලින් පිටතට පැමිණියොත් බ්‍රිතාන්‍ය පොලිසියෙන් පවුම් 960 ක දඩයක්

Mohamed Dilsad

ලෝ පුරා Google සේවා බිඳ වැටෙයි

Mohamed Dilsad

Leave a Comment