කලාවිදෙස්

තවත් බොලිවුඩ් තරුවකගේ මවට සහ සහෝදරයාටත් කොරෝනා

(UTV| කොවිඩ් 19) –  ඉන්දීය ජ්‍යෙෂ්ඨ නළු අනුපම් ඛේර්ගේ මවට, සොහොයුරාට සහ නෑනාට මෙන්ම ඔවුන්ගේ දියණියට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

නමුත් අනුපම් ඛේර් ට වෛරසය ආසාදනය වී නොමැති බව සිදුකරන ලද PCR පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

ඔහු මේ සම්බන්ධයෙන් වන ට්විටර් පණිවිඩයක් ද නිකුත් කර තිබුණි.

මීට අමතරව ඊයේ දිනයේදී ඉන්දීය සුරූපී නිළි ඵෙෂ්වර්යා රායි හා ඇගේ දියණිය වන ආරාධ්‍යා හටත් , පෙරේදා දිනයේදී අමිතාබ් බච්චන් හා ඔහුගේ පුත් අභිෂේක් බච්චන් හටත් කොරෝනා වෛරසය වැළදී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා තහවුරු කළේය.

Related posts

තුර්කි ජනපතිට විධායක බලතල

Mohamed Dilsad

පපුවා නිව් ගිනියාවේ භූ කම්පනයක්

Mohamed Dilsad

රුසියානුු මගී ගුවන් යානයක් අනතුර ට ලක්වෙයි

Editor O

Leave a Comment