දේශීය

මාලදිවයින සිට ලාංකිකයන් පිරිසක් මත්තලට

(UTV | කොළඹ ) – මාලදිවයින තුළ රැකියා සදහා ගොස් යළි ශ්‍රී ලංකාවට පැමිණිමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මොවුන් මාලදිවයිනට අයත් දූපත් වල සංචාරක හෝටල් කිහිපයක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් බව සඳහන් වේ.

මෙම ගුවන් මගීන් පිරිස පස්වරු 1.30 ට පමණ මාලේ ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 4102 දරන විශේෂ ගුවන් යානයෙන් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි.

ඔවුන් මත්තල ගුවන් තොටුපළේදී පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කර තිබේ.

Related posts

හම්බන්තොට මනාප ප්‍රතිඵළ

Editor O

මාගරින් බදු අඩු කරන ලෙස බේකරි හිමිකරුවන්ගෙන් ඉල්ලීම්

Editor O

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට දැනට ඇති ආරක්‍ෂාව ලබන 29 වනදා තෙක් ඒ ආකාරයෙන්ම දෙන බව නීතිපති කියයි.

Editor O

Leave a Comment