දේශීය

බස්නාහිර මෙහෙයුමකින් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – බස්නාහිර පළාත තුල සිදුකළ විශේෂ වැටලීමකින් තවත් සැකකරුවන් 331 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (13) පෙරවරු 06 සිට අද (14) අලුයම 5 දක්වා කාලය තුලයි වැටලීම සිදු කර ඇත.

වැඩිම සැකකරුවන් පිරිසක් වන 135 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් සන්තකයේ තබා ගැනිමේ චෝදනාවට අදාලවයි.

නීති විරෝධී මත්පැන් සම්බන්ධ චෝදනා යටතේ 92 ක් , ගංජා ලග තබාගත් 72 ක් , ගෝඩා හා අයිස් ලග තබාගත් 18 ක් මෙන්ම වෙනත් වැටලීම් යටතේ සැකකරුවන් 16 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කරයි.

Related posts

අද හෙටම දේශපාලන පෙරළියක් ?

Mohamed Dilsad

බාර් ගැන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් දීර්ඝ පැහැදිලි කිරීමක්

Editor O

කුඩා ධීවර යාත්‍රා සඳහා පනවා තිබූ තහනම ඉවත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment