දේශීය

රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී අනවශ්‍ය ලෙස ඒකරාශී නොවන්න

(UTV | කොළඹ) – ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය මහජනතාව වෙත විශේෂ දැනුම් දීමක් සිදුකරමින් ඉල්ලා සිටින්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයට රියදුරු බලපත්‍ර ලබා ගැනිම සඳහා අනවශ්‍ය ලෙස ඒකරාශී නොවන ලෙසයි.

ඊයේ (13) දිනයේ පමණක් පුද්ගලයින් 3500 කට ආසන්න පිරිසක් වේරහැර කාර්යාලය වෙත පැමිණ ඇත. නමුත් සේවාවන් සැපයිය හැක්කේ එක් දිනකට 1300 කට පමණි.

මේ වන විටත් 2020 අංක 3 දරන මෝටර් වාහන නියෝග මගින් 2020.03.16 සිට 2020.06.30 දක්වා කාලය තුළ වලංගු කාලය අවසන් වන රියදුරු බලපත්‍ර සඳහා වලංගු කාලය අවසන් වන දින සිට මාස 06 ක අමතර සහන කාලයක් සහ 2020.07.01 සිට 2020.09.30 දක්වා කාලය තුළ වලංගු කාලය අවසන් වන රියදුරු බලපත්‍ර සඳහා රියදුරු බලපත්‍රය අවසන් වන දින සිට මාස 03 ක සහන කාලයක් ලබාදීමට කටයුතු කර ඇත.

ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන්කර සිටින්නේ රියදුරු බලපත්‍ර එක් දින සේවාව යටතේ ලබා ගැනීමේ පහසුකම් වේරහැර කාර්යාලයට අමතරව හම්බන්තොට හා අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාල මගින් ද සලසා ඇති බැවින්, සේවාලාභීන්ට එම ස්ථාන වෙත යොමු වීමේ හැකියාව ද පවතින බවයි.

සාමන්‍ය සේවාව මඟින් රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා අනෙකුත් සෑම දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයක් හරහාම අවස්ථාව හා පහසුකම් සලසා තිබෙන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

 

Related posts

මෙරට රෝගීන් 478 ක් තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ

Mohamed Dilsad

කොරෝනා එන්නත්වලට වියදම කෝටි 7600 ක්

Mohamed Dilsad

නව කොරෝනා ආසාදිතයින් 92ක්

Mohamed Dilsad

Leave a Comment