දේශීයප්‍රමුඛ පුවත 3

ලබන වසරේ සිට රියදුරු බලපත‍්‍ර සකස් කිරීම යුධ හමුදාවට

(UTV | කොළඹ) – ලබන වසරේ සිට රියදුරු බලපත‍්‍ර සකස් කිරීම ශී‍්‍ර ලංකා යුධ හමුදාවට පැවැරීමට රජයේ අවධානය යොමුව ඇත.

ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ ඊයේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමඟ පැවති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අවධානය යොමුවූ බවයි.

සාමාන්‍යයෙන් රියදුරු බලපත‍්‍රයක් ලබා ගැනීමේ දී ඒ සඳහා රුපියල් 1,340 ක් වැනි මුදලක් ගෙවීමට සිදු වන අතර පුද්ගලික සමාගමක් වෙත පවරා ඇති රියදුරු බලපත් නිකුත් කිරීමේ කොන්ත‍්‍රාත්තුව හේතුවෙන් මෙරටට හිමි විය යුතු අති විශාල මුදලක් වාර්ෂිකව විදේශයන්ට ඇදී යන බව මෙහිදී සාකච්ඡාවට ලක්වී තිබේ.

ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙම සාකච්ඡාවේදී සඳහන් කර ඇත්තේ ඉතාමත් අඩු මුදලකට රියැදුරු බලපත‍්‍රය සකස් කිරීමට යුද හමුදාවට හැකි බවයි.

මෙම කටයුතු සම්බන්ධීකරණය සඳහා යුධ හමුදාව සහ ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට ප‍්‍රවාහන අමාත්‍යවරයා විසින් එහිදී පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි.

Related posts

ගෝලීය කොරෝනා එන්නතක් සඳහා රටවල් රැසක් එක් වෙයි

Mohamed Dilsad

මෙරට සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

නිරිත දිග මෝසම හේතුවෙන් ඉදිරියේදී වැසි වැඩි වෙයි

Mohamed Dilsad

Leave a Comment