දේශීයප්‍රමුඛ පුවත 1

තැපැල් ඡන්දයේ සිව්වන දිනය අදයි

(UTV | කොළඹ) – තැපැල් ඡන්ද සළකුණු කිරීමේ සිව්වන දිනය අදයි. 

සියලුම පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාලවල සේවක සේවිකාවන් අද (16) සහ හෙට (17) සිය තැපැල් ඡන්දය සළකුණු කිරීමට නියමිතයි.

අදාළ දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකිවන රාජ්‍ය සේවකයින්ට, ලබන 20 සහ 21 යන දෙදින, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේය.

මෙවර මහ මැතිවරණයේදී තැපැල් ජන්දය ප්‍රකාශ කිරිම සදහා සුදුසුකම් ලබා ඇති තැපැල් ජන්දදායකින් සංඛ්‍යාව 705,085 කි.

Related posts

දියතලාව ගුවන් හමුදා කඳවුරේ ගින්නක්

Mohamed Dilsad

මවට සහ දියණියට මරු කැදවූ වේයන්ගොඩ උද්‍යානය තහනම් කරයි.

Mohamed Dilsad

ගිහාන් පිලපිටියගේ පෙත්සම සලකා බැලීම කල් යයි

Mohamed Dilsad

Leave a Comment