දේශීය

ප්‍රවෘත්ති විකාශන අතරතුර මනාප අංක ප්‍රදර්ශණය නොකරන්න

(UTV | කොළඹ) – ප්‍රවෘත්ති , වාර්තා වැඩසටහන් හෝ වෙනත් වැඩසටහන් අතරතුර පක්ෂ , කණ්ඩායම්වල සලකුණු හා අපේක්ෂකයන්ගේ මනාප අංක ප්‍රදර්ශනය නොකරන්නැයි මැතිවරණ කොමිසම සියලු මාධ්‍ය ආයතනනවලට දැනුම් දෙයි.

ප්‍රවෘත්ති , වාර්තා වැඩසටහන් හෝ වෙනත් වැඩසටහනකදී නොමිලේ ප්‍රචාරයක් හෝ ප්‍රවර්ධනයක් ලබා ගැනීමට සියලු දේශපාලන පක්ෂවලට හෝ අපේක්ෂකයන්ට අවස්ථාව හිමිනොවන බැවින් එලෙස අවස්ථාව නොලබන පිරිස අගතියට පත්වන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

මීට අමතරව දේශපාලන සංවාද , සාකච්ඡා වැනි වැඩසටහන් සදහා එකම පක්ෂයේ , කණ්ඩායමේ හෝ තෝරාගත් අපේක්ෂකයන් පමණක් කැදවීම නොකළ යුතු වෙයි.

ගීත තේරීම වැනි වැඩසටහන් හා ස්ටාර් තේරීම් තර විනිශ්වය , නිවේදනය සදහා ඡන්ද විමසීම අවසන් වන තෙක් කිසිඳු අපේක්ෂකයෙකු නොකැඳවීම යෝග්‍ය බව මැතිවරණ කොමිසමේ ස්ථාවරය වෙයි.

එමෙන්ම මහ මැතිවරණයට අදාළ මාධ්‍ය උපමාන මේ වන විටත් ගැසට් කර ඇති බැවින් සියලු මාධ්‍ය ආයතන ඊට අනුකූලව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා සහය දෙනු ඇති බව මැතිවරණ කොමිසම අපේක්ෂා කරයි.

Related posts

අද විශේෂ රැස්වීම් දෙකක්

Mohamed Dilsad

බස් හිමියන් හා ප්‍රවාහන ඇමතිනී අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

වන ජීවී නිලධාරීන් හෙට විරෝධතාවයක

Mohamed Dilsad

Leave a Comment