දේශීය

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – බස්නාහිර පළාත තුල සිදුකළ විශේෂ වැටලීමකින් තවත් සැකකරුවන් 422 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (15) පෙරවරු 06 සිට අද (16) අලුයම 5 දක්වා කාලය තුල වැටලීම සිදු කර ඇත.

වැඩිම සැකකරුවන් පිරිසක් වන 176 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් සන්තකයේ තබා ගැනිමේ චෝදනාවට අදාලවයි.

නීති විරෝධී මත්පැන් සම්බන්ධ චෝදනා යටතේ 115 ක් , ගංජා ලග තබාගත් 84 ක් , ගෝඩා හා අයිස් ලග තබාගත් 21 ක් මෙන්ම වෙනත් වැටලීම් යටතේ සැකකරුවන් 23 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කළේය.

Related posts

නිරෝධායන නීති කඩමින් අත්අඩංගුවට පත් පිරිස 81,000 ඉක්මවයි

Mohamed Dilsad

ලංකාවේ සමස්ථ ආසාදිතයන් 19,000 ඉක්මවයි

Mohamed Dilsad

බස් ගාස්තු සංශෝධනයක් ?

Mohamed Dilsad

Leave a Comment