දේශීය

පාසල් නැවත විවෘත කිරීම පිළිබඳ ප්‍රකාශයක්

(UTV | කොළඹ ) – ලබන සතියේදී දැනට තාවකාලිකව වසා දමා ඇති සියලු පාසල් විවෘත කිරීමේ හැකියාවක් ඇති බව රජය පවසයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුර නිසි ලෙස හඳුනාගනිමින් මේ වනවිට එය පාලනයට නතුකරගෙන ඇති බව යුද හමුදාපතිවරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා රජයට සහතික වී ඇති බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

ඒ අනුව පාසල් විභාග කටයුතුද කඩිනමින් පැවැත්වීමට හැකියාවක් ඇති බවට රජය විශ්වාස කරන බව අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

Related posts

සඳුදා සිට සති දෙකක් යනතුරු සියලු මංගල උත්සව තහනම්

Mohamed Dilsad

වෙසක් පෝය හේතුවෙන් වසා තබන තැන් මෙන්න

Editor O

මියන්මාර පීඩාවට පත් ජනතාවට සහන සලසන්න ශ්‍රී ලංකාවෙන් හමුදා කණ්ඩායම් 3 ක්

Editor O

Leave a Comment