දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයක හෙට ජල සැපයුම අත්හිටුවයි

(UTV | කොළඹ) – මහකොළඹ ජල හා අප ජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (18) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.

හෙට පස්වරු 8 සිට පසුදා පෙරවරු 6 දක්වා පැය 10 ක කාලයක් කොළඹ 13, 14, සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

මීට අමතරව කොළඹ 11 සහ 12 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවද එම නිවේදනයේ සඳහන්.

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවකට කොරෝනා ආසාධනය වෙයි

Mohamed Dilsad

බාර් ගැන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් දීර්ඝ පැහැදිලි කිරීමක්

Editor O

හැඳුනුම්පතේ අලුත්ම වෙනස ළඟදීම

Mohamed Dilsad

Leave a Comment