විදෙස්

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 10 ඉක්මවයි

(UTV| කොවිඩ් 19) – ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයන් ගණන ලක්ෂ 10 ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,005,871 ක් ලෙස දැක්වෙයි.

එරටින් වාර්තා වන සමස්ත වෛරස් ආසාදිත මරණ ගණන 25,622 කි.

ලොව තෙවැනියට වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද ඉන්දියාවෙනි.

ඉන්දියාව කොරෝනා වෛරස් පැතිර යෑම වළක්වා ගැනීම සඳහා පැනවූ සීමා ලිහිල් කිරීමත් සමඟ රටේ කුඩා නගරවලත් ගම්මාන තුළත් වෛරස් ව්‍යාප්ත වීමට හේතුවී ඇතැයි වාර්තා වේ.

Related posts

යුධ අපරාධ චෝදනා ලැබූ හමුදා නිලධාරීන්ට සමාව දෙන්න ඇමෙරිකාව සුදානම්

Mohamed Dilsad

පිලිපීන ජනාධිපති දේශපාලනයෙන් සමුගන්නා බව නිවේදනය කරයි

Mohamed Dilsad

වැඩිම කොවිඩ් මරණ අනුපාතය සහිත රට බවට පේරු පත්වෙයි

Mohamed Dilsad

Leave a Comment