දේශීයප්‍රමුඛ පුවත 1

අද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක්

(UTV |කොළඹ) – ඉදිරි මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ විශේෂ දිනයක් අද(19) ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව සියලු තැපැල් කාර්යාල අද(19) දිනයේ විවෘතව තැබෙනු ඇත.

තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ලබන 29 වනදා වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම අවසන් කිරීමටයි සැලසුම් කර ඇති බවයි.

ලබන ඉරිදා දිනයේදීද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

Related posts

බිත්තර ගැන කතා කරමු! සංගම් රජයට කියයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුව රැස්වෙයි

Mohamed Dilsad

ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදලට

Mohamed Dilsad

Leave a Comment