දේශීය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ආර් පීරිස් අත්අඩංගුවට

(UTV |කොළඹ) – හිටපු පාර්ලිමේන්තු සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිමල් ආර් පීරිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ රුපියල් 113,460ක තැපැල් ගාස්තු අවභාවිත කිරීම ඔහුට එරෙහිව එල්ල  වී ඇති චෝදනාව බවයි.

ඔහු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ කාලයේ තලවතුගොඩ තැපැල් කාර්යාලයෙන් තැපැල් මුද්‍රා යන්ත්‍රයක් ලබා ගෙන ඇති අතර එම යන්ත්‍රයේ මුද්‍රා කඩා දත්ත වෙනස් කර මහ මැතිවරණයට අදාළ ප්‍රචාරණ පත්‍රිකා තැපැල් කර ඇති බවට ඔහුට චෝදනා කෙරේ.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත තලංගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත සිදු කළ පරීක්ෂාවකින් අනතුරුව සැකකරු ඊයේ(18) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

නිමල් ආර් පීරිස් මහතා සමගි ජන බලවේගය පක්ෂයේ සම්බන්ධීකරණ නිලධාරිවරයෙකු ලෙස කටයුතු කරයි.

ඊට අදාළ ලිපි 7564ක් යොමු කිරීම සඳහා වංචනික ලෙස නිදහස් තැපැල් මුද්‍රාව යොදාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

Related posts

විශාලතම වැලි ව්‍යාපාරය ඇමති හිතවතුන් අතට ?

Mohamed Dilsad

යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක

Editor O

රුසියාවේ අභ්‍යන්තර ගුවන් යානයක් පරීක්ෂණ සැරියක දී කඩා වැටේ -කාර්යය මණ්ඩලයේ තිදෙනෙක් ජීවිතක්ෂයට

Editor O

Leave a Comment