(UTV |කොළඹ) – සෞදි අරාබියේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි 9 දෙනෙකු කොවිඩ් -19 ආසාදිත බව තහවුරු වී තිබේ.
සෞඛ්‍ය අංශය පවසන්නේ ඒ අනුව අද (19) හමු වූ ආසාදිතයින් ගණන 20 ක් බවයි.
අද හමු වූ අනෙක් රෝගීන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ සමීපතමයින් වන අතර ඔවුන් කහතුඩුව – 3, පැල්මඩුල්ල -1 සහ කටාර් සිට පැමිණි – 3 , ඉන්දියාවේ සිට පැමිණි – 2කු වේ.
පසුගිය ජනවාරි මාසයේදී ප්‍රථමවරට චීන කාන්තාවක් කොවිඩ් ආසාදිත බව මෙරටදී හඳුනාගත් අතර මේ දක්වා මෙරටින් හමු වී ඇති ආසාදිතයින් ගණන 2,724කි. රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් -19 රෝගීන් ගණන 678කි.
2,035ක් පූර්ණ සුවය ලබා ඇත.