දේශීය

අතපසු වූ අයට තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව

(UTV | කොළඹ ) – අද (20) තැපැල් ඡන්ද අයදුම්කරුවන් ට තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

පසුගිය සතියේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ පුද්ගලයින් ට අද සහ හෙට (21) දෙදින තුළ ඒ සඳහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමිසම පැවසුවේය.

ඒ අනුව තම ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා වෙත ගොස්, තැපැල් ඡන්දය භාවිත කිරීමට අයදුම්කරුවන් ට හැකියාව පවතී.

තවද රාජාංගනය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පමණක් තැපැල් ඡන්ද භාවිත කිරීම එම ප්‍රදේශවල නිරෝධායන කටයුතු අවසන් වීමෙන් පසු සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Related posts

මියන්මාරයේ භූ කම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව 150 ඉක්මවයි

Editor O

වාහන ආනයනය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශය මෙන්න.

Editor O

ආපදා සහන සැලසීමේ කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට නියෝජ්‍ය ඇමති නාමල්ගෙන් නියෝජිතයෙක්

Editor O

Leave a Comment