දේශීය

මෙවර මැතිවරණයේදී ඡන්ද පෙට්ටි වලට විශේෂ ආරක්ෂාවක්

(UTV |කොළඹ) – මෙවර මැතිවරණයේ දී ඡන්ද පත්‍රිකා ඇතුළත් පෙට්ටි වල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ඒ ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට රැගෙන ඒමෙන් පසු ඒවායේ ආරක්ෂාව සඳහා ඡන්ද පෙට්ටි හතර බැගින් එක් විශාල පෙට්ටියකට දමා සීල් තැබීම බව මැතිවරණ කොමිසම පවසයි.

එලෙස ඡන්ද පොළවලින් රැගෙන එන ඡන්ද පෙට්ටි විශාල පෙට්ටියකට දමා සීල් තබන අවස්ථාවේදී පක්ෂ නියෝජිතයන් දෙදෙනකුට තමන්ගේ මුද්‍රාව තබා අත්සන් කිරීමට අවස්ථාව සලසන බවද පක්ෂ ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

සීල් තැබීමෙන් අනතුරුව ඒවා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල විශේෂ ශාලාවක තබා දැඩි පොලිස් ආරක්ෂාව සලසනු ඇත.

ඡන්ද ගණන් කිරීම ඡන්දය පවත්වන දින රාත්‍රියේ සිදු නොවන නිසා මැතිවරණ කොමිසම මෙම විශේෂ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

Related posts

කලින් ආණ්ඩු කරපු සියලු වැඩවලට අකුල් හෙළමින් නින්දා කළ අයට, වර්ථමානයේ නින්දාවලට ලක්වීමට සිදුවීම දෛවයේ සරදමක් – හිටපු ඇමති මහින්ද අමරවීර

Editor O

එළඹෙන 28 වන දා දැවැන්ත වැඩ වර්ජනයක්

Mohamed Dilsad

සෞඛ්‍ය බලධාරීන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර අද හමුවක්

Mohamed Dilsad

Leave a Comment