දේශීය

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ ) – අද (20) කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්විම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව , ඒ සඳහා පත් කර ඇති කමිටුව අද රැස්වී මැතිවරණයට අදාළ කටයුතු පිළිබඳ සාකච්ඡා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරින් මෙන්ම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයින් ද සහභාගී වන බව වාර්තා වේ.

මැතිවරණ කොමිසම විසින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සඳහා නිසි බලයක් ලබාදෙන්නේ නම් මැතිවරණයට අදාළ කටයුතු සඳහා සහය ලබාදීමේ ගැටලුවක් නොමැති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කළේය.

කෙසේවෙතත්, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

නීත්‍යානුකූලව ඉවත් නොවූ නාවික හමුදා සෙබලුන්ට පොදු සමාකාලයක්

Mohamed Dilsad

මහජන උපයෝගිතා කොමිසම ට අලුත් සාමාජිකයෙක්

Mohamed Dilsad

Leave a Comment